ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් - asuweda kawurun ho (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප් රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප් රේමයක්......//

සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා....//
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප් රාර්ථනා බිඳ දා ගෙනා....

ඇසුවේද කවුරුන් හෝ....

පිපි මල් මතින් පියමන් කළෝ
දිනුවේද කවදා ප් රේමයෙන්....//
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්....

ඇසුවේද කවුරුන් හෝ......

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X