අසා ඉමු අපි සුමුදු වැල්ලට - asa imu api sumudu wellata (සොමසිරි මැදගෙදර)


අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත සිතිජයෙ
මැවෙන සෙවණැලි පෙම් රටා

නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරලේ
අහස සඳ සේ ලං වෙලා

පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X