ඇස ගැටෙනා දස දහසක් නෙතු මත - asa getena dasa (ශිහාන් මිහිරංග - shihan mihiranga)


Shihan mihiranga sinhala song lyrics


ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවු තරම් 
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම් 
ඔබ නොදනී මුලු ලොවම දනී 

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..

ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම් 
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී 

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X