අම්මා ජීවන උයන්තෙරේ - amma jeewana uyanthere (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - chandrasena hettiarachchi)


chandrasena hettiarachchi , sinhala song lyrics


අම්මා ජීවන උයන්තෙරේ
ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

සඳ වතුරින් නොව රුහිරෙන්ම දිය කොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

කඳුලින් ඉපදී කඳුලෙන්ම මියැදුණු
රඟ මඬලේ මිණි පහනක් වනු මැන
සෙනෙහස ගිලිහී වියළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන

අම්මා ජීවන උයන්තෙරේ
නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන්තෙරේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X