අහසින් පොලොවට කඩා වැටිලද - ahasin polowata kada (සුනිල් එදිරිසිංහ - sunil edirisingha)





අහසින් පොලොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ.....
මව්පිය සෙනෙහස     
හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ
පුංචි දුවේ.....

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි
මෙලොවේ.....
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාත නිවසයි පට බැදුනේ.....

ගෙනත් දෙතිය රස
මසවුලු මවුවරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුනෙ
නැති බැරි කම් මැද
අහක දමන්නද
නුඹෙ මවු ලමැදේ කිරි එරුනේ.....

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X