අඳුර බිඳින්නට රැයක් දවාලු - adura bidinnata reyak (වික්ටර් රත්නායක - victor rathnayaka)




අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳ හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා

මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොළවාගත්
දෑතෙහි දසැඟිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ

සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යළි පැමිණී ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමනයි
පිළිසරණය වන්නේ

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X