ආ මඟ වැරදී යන මං නොපෙනී - aa maga waradi yana (ශෂිකා නිසංසලා)


shasika nisansala song lyrics


ආ මඟ වැරදී යන මං නොපෙනී
තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඩලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
දම් පඳුරෙන් මංකඩ ලඟ ගොම්මං අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬා දොඩා කීවත් නුඹ කවුරුද ඇසුවේ
ප් රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මංදාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ


ගායනය : අමරසිරි පීරිස් / ශෂිකා නිසංසලා
සඳගලතැන්න ටෙලි නාට් යයෙන්

එකතු කලේ : හද රැදි ගී

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X