ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා
අද නෑ..කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...
ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා...
මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ
සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ
ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා....
සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ..
මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ..
පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ..
පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ..
සැමදේ සුන්වී බොදවී - කොහෙදෝ තුරුලක සැඟවී..
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ..
ගිම්හානයේ පාවෙලා....
සුපිරි බ්ලොග් එකක් මචං...
ReplyDelete