සදක් වෙන්න බැරි නම් ඔබ මට
ඉරක් වෙන්න හැකිදෝ ඔබ හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තන ඔබ හට
ඇයිද කිවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජිවිතේ
සදක් වෙන්න බැරි...
සීත ඉර්තුවකට වෙලා මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්නට ආසයි මට තවත්
ඉර්තුවක් ඇතත් නැතත් හුස්ම ලඟ මගේ සිතත්
පණ ගසයි ඔබේ දේපා මුල වැටී
සදක් වෙන්න බැරි...
මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යලිත් පිපෙයි
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවෙයි
හමනා ඒ සුලන් රැලිත්
නෙත් කොනින් ලඟින් හමයි
නෙතු අගින් වැටෙන මේ කදුලැල් සීතලයි
සදක් වෙන්න බැරි...
No comments:
Post a Comment