අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..
වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..
අහස සේ ඔබ අනන්තයි...//
අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..
අහස සේ ඔබ අනන්තයි...//
nice
ReplyDeleteඅගනේය... ඉදිරියටත් මේ කාර්යය කරගෙන යාමට ධෛර්ය ලැබේවා.
ReplyDelete