ජීවිතය දැනෙයි - Jivithaya danai (Lakmini Udawatta)


Supun Ayeshmantha Thilini malkaජීවිතය දැනෙයි ගී පද ලියවෙයි
සඳ රැල්ල පවා අමුතුයි
ඔබේ සුවඳ සුසුම් හිත උමතු කරන්
පව නැල්ල පුරා මුසුවෙයි
ඔබ ලඟ මං අතර මං වෙලා
ඒ ආදරයට නොහැඟෙයි..//

සීතල ඇවිදින් හංකිති කැව්වා
කාටද ඉඟි බිඟිකරලා
නාඳුනන හැඟුම් ඇත හිත රැදුනා
ජීවිතේ සතුට තවරා
රෑ හඳට වෙලා මඳහස සලනා
ආ විලස එයින් බැහැලා
මා ලඟාට වෙලා ඔබ තරු අමුනා
මා ගෙලේ බඳෙ පලදා

ජීවිතය දැනෙයි..

ආදර තෙපුලෙන් හිත වසඟ කලා
ජීවිතයම එහි සඟවා
මේ සොදුරු තෙපුල් තුල සැරිසැරුවා
මං ඉමක් කොනක් නොසොයා
මා මුවග පුරා සිනහව තවරා
සන්තෝසය හිත පුරවා
රෑ සිහින පුරා සැරිසැරුවා
ජීවිතේ මිහිර අඟවා

ජීවිතය දැනෙයි..

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X