ඇස් ආදරෙන් - As adaren purola (Kaveesha Kaviraj)


ඇස් ආදරෙන් පුරෝනා
thilini malkaහිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින් ම උමතු වී තියේ. //

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ මා ළග නෑනේ
නුදුරේදි ම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැළවෙනු මැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

රැක ගන්නම් ජීවිතයම වාගේ
එක මොහොතක් හද ගත්තා නම් මාගේ
සැනහෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගේ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා...

බාගත කරන්න

No comments:

Post a Comment


Get it on Google Play
එය Google Play වෙතින් ලබාගන්න

ඕන වෙලාවක සිංදු lyrics බලන්න ඇප් එක ගන්න

X